Friday, April 11, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 12 සෙනසුරාදා

අපේ‍්‍රල් 12
සෙනසුරාදා
එසකියෙල් 37:21-28 
ශු.ජුවාම් 11:45-56 

කිතුණුකම යනු සත්‍යයට සාක්ෂි දැරීමයි.

ජුදා සමාජයේ උසස් තනතුරුවල වැජඹෙමින් සිටි නායක පූජකයන් සහ පරිසිවරුන් සමාන්‍ය ජනතාව පාගා දමමින් ධනයට බලයට කෑදරවෙමින් තමන් සිටි තනතුරු ආරක්‍ෂා කරගනිමින් ගෙන ගිය අයුක්ති සහගත ක‍්‍රියා පටිපාටිය ජේසුස් වහන්සේ තරයේ ප‍්‍රතික්‍ෂේප කළ සේක. ඔවුන් අනුගමනය කළ මේ දෙබිඩි ජීවිතය සහ සමාජ අසාධාරණය ගැන ජේසුස් වහන්සේ ප‍්‍රසිද්ධියේ කතා කිරීම නිසා නායක පූජකයන් සහ පරිසිවරුන් උන්වහන්සේව මරන්නට කුමන්ත‍්‍රණය කළෝය. මන්ද සත්‍ය ප‍්‍රකාශ කරන ජේසුස් වහන්සේගේ ජීවිතය ඔවුන්ට අභියෝගයක් වුණ නිසයි. නමුත් අවසානයේදී උන්වහන්සේ මුළු මිනිස් සංහතියේම ගැලවීම උදෙසා තම ජීවිතය කුරුසගසේදී පුද කළ සේක. මෙම  සත්‍යතාවය වර්තමාන සමාජය තුල ඉතා දුර්ලභය. කිතුණුවන් වශයෙන් සමාජයේ කුමන තරා තිරම දැරුවත් සමාජ සාධාරණත්වය සුරකිමින් පරිසිවරුන් සහ නායක පූජකයන්ට අභියෝගයක් වූ ජේසුස් වහන්සේගේ ජීවිතය අනුසාර කරන්නට මෙවර චතාරිකය තුළ අපි සැම උත්සුක වෙමු. ‘‘ මුළු ජාතියේ විනාශයට වඩා, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැත’’ ශු.ජුවාම් 11:50 

මේරියන් ඩිලක්‍ෂිත් සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය