Thursday, April 10, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 11 සිකුරාදා



අපේ‍්‍රල් 11
සිකුරාදා
ජෙරමියා: 20:10 -13
ශු ජුවාම්: 10- 31-42

ඔබ දෙවිඳුන් හඳුනා ගන්නේ කවදා ද?

විවිධ වූ වෙනස්කම් වලට භාජනය වන සමාජ පසුබිමක දිවි ගෙවන ක‍්‍රිස්තු අනුගාමීන් වන අප කිතුණුවන් ලෙස විවිධ තාඩන පීඩන වලට ලක්වන බව නොරහසකි. එම තාඩන, පීඩන වලට මුහුණ දෙමින් කිතුණු විශ්වාසයට සැබෑ සාක්ෂි දැරීම දැඩි අභියෝගයකට ලක්ව ඇත.  
විවිධ සමාජ හේතූන්, අසාධාරණකම් හා විවිධ සමාජ විරෝධී ක‍්‍රියාවන් තුළ අපගේ විශ්වාසයට සාක්ෂි දැරීමේ නොහැකියාව අභියෝගයට ලක්ව ඇත. හතු පිපෙන සේ පැන නගින විවිධ සභාවන් අප විශ්වාසයට බලපෑම් කරයි.

විවිධ සමාජ හේතූන්, අසාධාරණකම් හා විවිධ සමාජ විරෝධී ක‍්‍රියාවන් තුළ අපගේ විශ්වාසයට සාක්ෂි දැරීමේ හැකියාව අභියෝගයකට ලක්කරමින් ක‍්‍රිස්තුන් වහන්සේ තමන්ව පිළිගැනීමට අකමැති තම ජාතිකයින් හමුවේ තමන් දේව පුත‍්‍රයාණන් බව ප‍්‍රසිද්ධියේ කියාපාන  ආකාරය ශුද්ධවූ සුවිශේෂය පෙන්වා දෙයි.

ක‍්‍රිස්තුන්  සමිඳාණන්ගේ කුරුස ගත වීම තුළින් හා පුරාණ ගිවිසුම තුළ දෙවි පියාණන් දිවැසිවරුන් මඟින් ලොවට ප‍්‍රකාශ කළ දේව ආදරය තේරුම් ගෙන ඇත්ද? ප‍්‍රශ්ණයකි. උන්වහන්සේගේ ජීවිත පූජාව තුළ අපට දැක්වූ ආදරයට අප ප‍්‍රතිආදරය දැක්වූයේද, දක්වන්නේද? නැතිනම් අප අපගේ පවුකාර ජීවිතයටම ඇලී ගැලී සිටිමින් කුරුස පත් වු ජේසු සමිඳුන්ව මෙම චතාරිකයේත් කුරුස පත් කරන්නෙහිද? සැබෑ කිතුණුවන් ලෙසින් මෙම කෙරොස්මයේදී සැබෑ එතෙර වීමකට අවශ්‍ය වරම් දෙවි මහෝත්තමයාණන් වහන්සේගෙන් පතමු.
දමිත ශ‍්‍රීලාල් සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය