Thursday, April 10, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 10 බ‍්‍රහස්පතින්දා



අපේ‍්‍රල් 10 
බ‍්‍රහස්පතින්දා
උත්පත්ති 17:3-9
ශු . ජොහාන් 8:51-59
දුක්,කරදර ප‍්‍රශ්න වලින් පැන යා යුතුද?

දුක් , කරදර, ප‍්‍රශ්න මනුෂ්‍ය ජීවිතයට නිරන්තරයෙන් පැමිණෙන අභියෝගයි. එ් නිසා එ්වායින් පැන යාම වත්මන් සමාජයේ සුලබ සිදුවීමකි. නමුත් අද සුවිශේෂයෙහි ක‍්‍රිස්තුන් වහන්සේ දේව මාළිගාවෙන් රහසිගතව පිටවී යයි.

අපට සදාතනික ජිවිතය ලබා දෙන ක‍්‍රිස්තුන් වහන්සේ දේව මාළිගාවෙන් පැන යන්නේ ඇයි?

ජුදෙව්වන් ක‍්‍රිස්තුන් වහන්සේගේ වටිනාකම තේරුම් ගත්තේ නැත. එ් එ්  පුද්ගලයන් ගේ බුද්ධි මට්ටම අනුව වටහා ගැනීමට ඔවුනට නොහැකි වූයේ ක‍්‍රිස්තුන් වහන්සේ දේව පුත‍්‍රයා බවත් ගැළවීමේ සැලැස්මේ උච්චතම ස්ථානය උන්වහන්සේ බවට පත්වන බවත් ය.
ආබ‍්‍රහම් පුරාණ ගිවිසුම තුළ දෙවියන් වහන්සේට පක්ෂපාතී වූ නිසා ඔවුන් ආබ‍්‍රහම් උතුම් කොට සැලකීය. ආබ‍්‍රහම් තුමාගෙන් ඇරඹි ගැළවීමේ සැලැස්ම උච්චස්ථානයට පත්වූයේ ක‍්‍රිස්තුන් වහන්සේව කුරුසපත් කිරීමත් සමඟය. එ් දේව සම්බන්ධතාවය ජුදෙව්වවන් තේරුම් නොගත් නිසා ක‍්‍රිස්තුන් වහන්සේ රහසින්ම ඔවුන් කෙරෙන් නික්ම ගිය සේක.
අද ක‍්‍රිස්තුන් වහන්සේ තුළින් අප දෙවියන් වහන්සේ සමඟ ඇති කර ගත යුතු සම්බන්ධතාව සුවිශේෂය තුළින් පෙන්වා දේ. එ් සම්බන්ධතාවය වටහා නොගතහොත් නොදැනුවත්වම අපේ ජීවිත තුළින් ක‍්‍රිස්තුන් වහන්සේව ඈත් කර ගනී. අද දින අප විශේෂාකරයෙන් මෙනෙහි කරමු දේව සම්බන්ධතාවය තුළ අප කොතරම් අවංක ද යන්න. දෛනික ජීවිතයේ සිදුවීම්, අත්දැකීම් , දුක, සතුට දෙවියන් වහන්සේට  පවසමින්, නිරන්තරයෙන් දේව සම්බන්ධතාවය වැඩි කර ශක්තිමත් කර ගනිමු.

රුමේන් පෙරේරා සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය