Tuesday, April 8, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 09 බදාදා



අපේ‍්‍රල් 09
බදාදා
දානියෙල් : 3:14-20, 24-25,28
ජොහාන් 8: 31-42
තිර විශ්වාසයෙන් ගැළවීම අත්දකිමු.

සර්වබලධාරී අප පියාණන් වන දෙවියන් වහන්සේ, උන්වහන්සේට අවනත වන   උන්වහන්සේගෙන් අයදින කිසිවෙකු අත්නොහරින සේක.

අද දින දේව වාක්‍ය ප‍්‍රකාශනය තුළ දානියෙල්  දිවැසිවරයා ගෙනහැර පාන්නේ අසීමිත දේව භක්තිය හා විශ්වාසය නිසා බලගතු  නෙබුකද්නෙසර්ගේ බලපෑමට යටත් නොවූ ෂදුක්, මේෂාක් හා අබෙද්නේගේ කතාවයි. දෙව්පියාණන් වහන්සේ කෙරේ වූ ප‍්‍රබල අසීමිත  විශ්වාසය ඔවුන්ගේ ජීවිතවලට ගැළවීම ගෙන දුන් සේක. 

අද දින ඔබත් මාත් හමුවේ පවතින්නේද ඔවුන් තිදෙන හමුවේ එදා  වූ අභියෝගයම නොවන්නේද? අන්තවාදී ක‍්‍රිස්තියානි  ඉගැන්වීම් හමුවේ තම විශ්වාසය පළුදුකරගන්නාවූ, දෙවිපියාණන්ට අකීකරුවන්නාවූ අප සහෝදර කිතුණුවෝ අප‍්‍රමාණය. ඔවුන් එ් පිටුපාන්නේ තම ඇදහිල්ලට පමණක් නොව  තම පියාණන්  වහන්සේටය. උන්  වහන්සේගේ අසීමිත දේව, පිතෘක පේ‍්‍රමයටය. අද දින සුපුවත අපට පවසන පරිදි අපට දැනෙන්නේ එකම පියාණන් වහන්සේ කෙනෙක්  පමණි. උන් වහන්සේ අප පසුපසින් සිට අසීමිත  දයාවෙන් බලා සිටින්නේ  අභියෝග කම්කටොළු හමුවේ ඇද වැටෙන අපව නැවත නගා සිටුවන්නටය.

අන්තවාදී බලපෑම්, රැවටීම් හමුවේ අප දයාබර පියාණන් අතහැර ගොස් අකීකරු පුත‍්‍රයන් නොවී සැබෑ දේව දරුවන්, කිතුණුවන් ලෙස අභියෝග හමුවේ නොසැලී සිටිමින්  අප ජීවිත තුළින් දේව පේ‍්‍රමය ලොවට පතල කරන්නට, ලොවම සුවඳ ගන්වන්නට මේ චතාරිකයේ තරයේ සිතට ගනිමු. එලෙසම උන්වහන්සේට පිටුපාගිය අවස්ථාවන්ට අවංක සිතින් මනස්ථාප වී පව් පිළිගෙන නැවත උන්වහන්සේ වෙත හැරී එන්නට මෙම චතාරිකයේ අවස්ථාවක් කොට ගනිමු.

ගයාන් හිරන්ත සහෝදරතුමා 
පළමු වන වසර දර්ශන පීඨය