Monday, April 7, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 08 අඟහරුවාදා



අපේ‍්‍රල් 08
අඟහරුවාදා
ගණන් කථාව 21: 4-9
සුවිශේෂය ජුවාම් 8: 21-30

අපගේ ශරීර ශුද්ධවත් ලෙස තබාගනිමු.

මව් කුසින් මෙලොව එළිය දකින දරුවා පිවිසෙන්නේ සමාජයටය. ඉන්පසු සමාජයේ රැල්ලත් සමඟ ඔහු ගමන් කරයි. දැනට අපගේ රට තුල යම්කිසි යහපතක් පවතිනුයේ  නම් එ් අප රටෙහි පවත්නා ආගම් නිසාය යැයි කීවොත් ඔබ මා හා එකඟ වනු ඇත. ආගමක් දහමක් නොමැති මිනිසා මිනිසත්කම නා`දුනන මුර්ගයකු වැනිය. ඇතැම් මිනිසුන් ජීවත්වෙනුයේ කෑම සඳහාය. එහෙත් අප කෑම ගත යුත්තේ ජීවත්වීමටය.  සියළුම පාපයනට මුල් වනුයේ  අපගේ මානසික තෘෂ්ණාවය. එ්වාට මුහුනදී එ්වා ජයගැනීමට  නම් අප තුල දේව විශ්වාසය තිබිය යුතුය. අප දෙවියන්ට ඇති භය භක්තියේ පදනම මත අපගේ දේව විශ්වාසය වර්ධනය වේ. අපගේ දේව විශ්වාසය වර්ධනය කරගැනීමට නොයෙකුත් ආගමික අභ්‍යාසවල  නිරත විය හැක. උදා: භාවනා, ජපමාලය, ශු.පාඨය කියවීම, පාදනමස්කාරය, ආදියයි. ජේසු ජීවමානව වැඩ සිටින දිව්‍ය සත්ප‍්‍රසාද මණ්ඩපයට අපි සැම ගෞරව කරන්නෙමු. දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේ ලැබීම තුළ පූපයක් ලෙසින් ජීවමාන ජේසුතුමා මා තුලට පැමිණියේ නම් අපගේ ශරීරත් සත්ප‍්‍රසාද මණ්ඩපයකට සමානය. විශේෂයෙන් මෙම චතාරික කාලය තුළ අපගේ එදිනෙදා ජීවිතවලින් තව කෙනෙකුට ජේසු සමිඳුන්ගේ ප‍්‍රතිරූපය පෙන්වන කැඩපතක් වීමට උත්සාහ කරමු. එමඟින් අපගේ කෙටි ජීවිත ගමන තුළ අර්ථවත් කිතුණු දිවියක් ගත කිරීමට හැකිවනු නොඅනුමානය.

‘‘මමත් මලක් නම් පිපී සුවඳ දී ඔබ ලඟ පරවෙන්නා’’

අමිල ප‍්‍රියදර්ශන කොස්තා
පළමු වසර දර්ශන පීඨය