Saturday, April 5, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 06 ඉරිදා

අපේ‍්‍රල් 06
ඉරිදා
එසකියෙල් 37: 12-14, 
රෝම 8:8-11 
ජොහාන් 11:1-45

ජීවිතේ මට දුන්න දෙවිතුමනි... මගේ පණ නල ඔබ අතේ රැදුනි..

චතාරික සමයේ පස්වන ඉරුදින වන අද දින ශුභාරංචි ප‍්‍රකාශනය මඟින් ශු. සභා මාතාව අපට පසක්කර දීමට උත්සහ කරනුයේ දෙවිදුන්ගෙන් අප ලබා ඇති මනුෂ්‍ය ජීවිතය මෙලොවට අයිති වූවක් නොව එය සදාතන ජීවනය වන ස්වර්ගය කරා දිවෙන නව උපතක් වන බවයි. මොහොතක් මෙනෙහි කර බලන්න... මෙලොව එළිය දකින කුඩා බිළිදෙකු මව් කුසින් පැමිණෙනුයේ හඩාගෙනය. එහෙත් ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන් සතුටින් පිනා යයි. එ් මන්ද යත්  ඔහු හෝ ඇය නිරෝගී දරුවකු ලෙසින් මෙළොවට ජනිත වීම හේතු කරගෙනය. කෙමෙන් කෙමෙන් මේ ළදරුවා වැඞී ඔහුගේ මහලූ වියට පැමිණ ඔහු මෙලොව අන්තිම හුස්ම පොඳ සිඳහෙලන කල අප ඔහුගේ මෘත දේහය මැදි කොටගෙන හඬාවැලපෙනු නිසැකය. එහෙත් ඔහු නිතැතින්ම සන්තෝෂ වනවා ඇත. මන්දයත් ඔහුගේ මෙලොව ලෞකික ජීවිතය අතහැර ස්වර්ගීික ජීවිතයට නව උපතක් ඔහු ලබා ඇති නිසාවෙනි. කතෝලිකයන් වන ඔබත් මමත් මතුයම් දිනක මේ ලෞකික ජීවිතයට සමුදිය යුතුය. එ් මන්දයත් අප සැබැවින්ම මෙළොවට අයිති වූවන් නොවන බැවිනි. මෙළොව ජීවිතය අපව අපගේ සදාතන නිවහන වන ස්වර්ගය වෙත සූදානම් කරන්නාවූ ස්ථානයක් පමණක් බව කතෝලිකයන් වන ඔබත් මාත් වටහාගත යුතුව ඇත.

එසේ නම්, දෙවිඳුන්ගෙන් ලද මේ උතුම් තිලිණය වන මනුෂ්‍ය ජීවිතය යහපත් ලෙස ගතකරමින් අනෙක් අයට ආදර්ශයක් වන ජීවිතයක් ගත කිරීමට  දෙවිදුන් අපට ආරාධනා කරනු ලබයි.

ඩිලාන් ආසිරි සහෝදරතුමා
පළමු වන වසර දර්ශන පීඨය