Thursday, April 3, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 04 සිකුරාදා



අපේ‍්‍රල් 04
සිකුරාදා
සලමොන්ගේ ප‍්‍රඥාව   2: 1, 12-22
ජොහාන් 7: 1-2, 10,25-30

සත්‍යයට සාක්ෂි දරන්නන් වෙමු.

‘‘ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි භය වෙන්න  ඕනෑ නැහැ’’ මෙය සිංහල අප අතර ප‍්‍රසිද්ධ කියමනක්. නමුත් අප ජීවත්වෙන සමාජය දෙස බැලූවාම අපට පෙනෙන්නේ මේ කියමනේ විරුද්ධ පැත්තයි. මේ සඳහා මූලික හේතුව වෙන්නේ අද සමාජය තුළ කවුරුන් හෝ යහපත් සිතුවිල්ලක්  ප‍්‍රකාශ කළ විට අප එ් පිළිගන්නා ආකාරයයි. අප මුලින්ම සොයන්නේ එ් පුද්ගලයාගේ අධ්‍යාපන සුදුසුකම්, පවුල් පසුබිම, ජාතිය, ආගම යනාදියයි. මේ සෑම දෙයක්ම අපේ සමාජ මට්ටමට වඩා ඉහල නම් පමණයි, අප එය පිළිගන්නට සූදානම්. එසේ නොමැතිනම්, අප ඔහුවත් ඔහුගේ අදහසත් විවේචනය කරන්නේ ඉතාමත් පහත් ලෙසයි. එය හරියටම එදා ජුදා ජාතිකයන් ජේසුස් වහන්සේගේ වචනයට සවන් නොදී උන්වහන්සේගේ සමාජ වටපිටාව ගැන සොයමින් විවේචනය කළා සේය.
මොහොතක් සිතන්න....

ඔබ සැබෑ කතෝලිකයෙකු ලෙස දේව වචනයට සවන් දෙනවාද?
ඔබේ බාලයන් ඔබට දෙන අවවාද පිළිගන්නට සූදානම් ද?
ඔබ නිලයට සහ ලෞකික අවශ්‍යතාවයන්ට තම ආගම පාවා දෙන්නෙක්ද?
මෙය ඔබේ මතකයේ රඳවාගන්න.

ඔබ කවරෙකු වූවත්,කවර නිලයක් දැරුවත්, කවර සමාජ පන්තියක සිටියත් ඔබ විශ්වාස කරන ධර්මය පාවා නොදෙන්න. මන්ද මතු දිනෙක ඔබට සියල්ල අහිමි වනු ඇත. එහෙත් ධර්මයෙහි පවතින්නා ධර්මය විසින් සුරකිනු ඇත.

ඩොම්. එරල් නිමන්ත සා.බෙ.නි.
පළමු වන වසර දර්ශන පීඨය