Wednesday, April 2, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 03 බ‍්‍රහස්පතිනිදා



අපේ‍්‍රල් 03 
බ‍්‍රහස්පතිනිදා
නික්මයාම 32:7-14
ජොහාන් 5: 31-47

වෙනස් වීමේ ප‍්‍රථම පියවර තබමු.

අද දින  පළමු කියවීම තුළ, දෙවිඳුන් අතහැර මිත්‍යා දෘෂ්ඨිකයන් සේ රන් වස්සෙකුට ආවඩන ඊශ‍්‍රායෙල් ජනයා දේව උදහසට ලක්වන අයුරුත්, එම උදහසින් මෝසෙස් ඔවුන්ව ගලවා ගන්නා ආකාරයක් අපට පෙන්වා දෙයි. 

ශුද්ධ වූ  සුවිශේෂ  පාඨය තුල ජේසුස් වහන්සේ මෙම සිද්ධිය නැවත සිහිගන්වමින්, ජුදා ජනයාට පවසන්නේ එදා එ් අයුරින් සිදුවූ දෙය කිසිදු වෙනසකින් තොරව අද දිනයේද සිදුවන බවයි. දෙවිපියාණන්, ජේසුස් වහන්සේ  මඟින් ඔබට මට කෙතරම් දේ ලබාදුන්නත්, ඊට නිසි අවධානයක් ලබා නොදී, ඔබද මමද ලෝකය අපට පෙන්වන පුහු ලෞකික  දේ වලට වහල් වී සිටින බව අපටම නොරහසකි. අද දින උන්වහන්සේ අපට ආරාධනා කරන්නේ අප මෙසේ වහල් වී සිටින බොහෝ දේ වලින් , එකදු දෙයක් හෝ මේ චතාරිකයේදි අප හදවත් තුලින් සදහටම මකා දැමීමටය.

වෙනස්වීම, සිත්හරවා ගැනීම එක් ක්ෂණයකින්  කල හැක්කක් නොව ඊට පියවර කීපයක් ඇත. එ් පියවර පෙලේ ප‍්‍රථම පියවර අද දිනයේදී ඉදිරියට තබා දෙවිඳු විමනට ගමන් අරඹන්නට උනවහන්සේ අද ඔබට මට මේ අයුරින් ඇරයුම් කරයි. 


ජූඞ් ශෙරාඞ් මෙන්ඩිස් සහෝදරතුමා නි.ම.නි.
පළමු වන වසර දර්ශන පීඨය