Tuesday, April 1, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 02 බදාදා



අපේ‍්‍රල් 02
බදාදා
යෙසායා 49: 8-15
ශු.ජොහාන් 5: 17-30


‘‘මවකට හැකිද කුසේ දැරූ බිළිඳා අමතක කරන්න ?  හැකිද ඈට ඇගේම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත් මම නම් කිසිදා නුඹ අමතක නොකරන්නෙමි’’
දෙදරු මව දරු දෙදෙනාත් සමඟ දුම්රියට පනී... අලූත උපන් කිරි කැටි සිඟිති දරුවා මහ ? මහ මග...... බේබදු පියා බීගෙන තම කුළුදුල් දියණියව දුෂණය කරයි. .... මවගේ කන කර බඩු උගස් කර පුතා ගංජා උරයි...
ආදරණීය අම්මේ... තාත්තේ ... අයියේ... අක්කේ... මල්ලියේ... නංගියේ... මේ අද දවසේ අපේ සමාජයයි. මේ අද සමාජයේ අපට නිතර අසන්නට, දකින්නට ලැබෙන ඛේදවාචකයන්ය. හිතන්න ... මමත් මෙහි සිරකරුවෙක්ද? අද සමාජයට බයේ පැන යන බියගුල්ලෙක්ද? නැතිනම් සමාජයට හරි පාර පෙන්වන උතුම් නායකයෙක්ද? 
මම... මගේම දරුවාව, මගේම  ස්වාමි පුරුෂයාව වදයක් කොට සලකන, නිවසේ සමගියට ගරු නොකරන මවක්ද?
මම ..... මගේ බිරිඳව, දරුමල්ලන්ව ජීවත් කරවන සොච්චම විනාශ කරන, මගේම පහත් ආශාවන් මගේ දරුවන්ගෙන් පිරිමසා ගන්නා බේබදු පියෙක්ද?
මම... මගේ දෙමාපියන්ගේ ලස්සන, පුංචි ආශාවන් විනාශ කරන, රැල්ලට හසුවූ පරඬැලක් වගේ රස්තියාදුවේ යන පුතෙක්, දුවෙක්ද?
මදක් නැවතී සිතන්න !

අද සුපුවත තුළින් ජේසුස් වහන්සේ අපගේ විනිශ්චකරුවාණන් බව අපට පසක් කර දෙයි. උන්වහන්සේගේ කැමැත්ත හඳුනාගෙන එම කැමැත්ත ඉටු කරන අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරන බවත්, උන්වහන්සේගේ කැමැත්ත ඉටු නොකරන සහ වචනය පිළි නොපදින අය විනිශ්චය සඳහා යොමු කරන බවත් ජේසුස් වහන්සේ අපට මතක් කර දෙයි.

උන්වහන්සේ කුරුසියේ ඇණ තුනකින් එල්ලී සිටියේ ඔබටත් මටත් ගැලවීම දීමටයි. ඉතිං උන්වහන්සේ මේ චතාරික සමයේ, අහන්නේ ‘‘පුළුවන්ද මගේ මේ කකියන වේදනාව සැහැල්ලූ කරන්න ’’ කියායි.

උන්වහන්සේගේ වේදනාවට සුවය දිය යුත්තේ ඔබයි, මමයි ඉතිං උත්සහ කරමු. උන්වහන්සේගේ කුරුසියේ වේදනාවට සැනසීමක් දීමට.

කේ. විශ්ව නිමන්ත සහෝදරතුමා නි.ම.නි.
පළමු වන වසර දර්ශන පීඨය