Wednesday, March 5, 2014

අළු බදාදා



අළු බදාදා
ජෝවෙල් 2: 12-18
2 කොරෙන්ති 5: 20 - 6: 2
සුවිශේෂය ශු.  මතෙව් 6: 1-6/ 16-18

සැබෑ සිත් හැරීමකින් දෙවිඳුන් වෙත හැරෙමු.

අද දින කිතුනුවන් වශයෙන් නළල මත අළු තවරා අළු බදාදා දිනය සමරන අප, එ් තුළින් ක‍්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය හා උත්ථානය සිහිපත් කරන්නාවූ චතාරික සමයට පිවිසෙමු. සැබැවින්ම මෙම චතාරික සමය කිතුනුවන් වූ අපට වරප‍්‍රසාදීය ජනක කාලයයි. මන්ද සැබෑ පසුතැවීම තුළ අපගේ පාප බරින් නිදහස් වී ඇතුලාන්ත සුවයක් අත්දැකීමට අපට හැකිවන හෙයිනි. නමුත් එම මහඟු වූ සුවය සැබෑ ලෙස අප අත්දකින්නේද යන්න අද අප හමුවේ ඇති ප‍්‍රශ්ණාර්ථයකි.

ධනය, බලය, කීර්තිය ලබා ගැනීමට එකිනෙකා පරයා යන තරඟකාරී සමාජයක ජීවත් වන අපට දෙවිඳුන් අමතක වී ඇති සෙයකි. කිතුනුවන්  වූ අප සමහර අවස්ථාවලදී එදා ජුදා සමාජයේ සිටි පරිසිවරුන්, විනයධරයන් මෙන් චාරිත‍්‍ර හා වත් පිළිවෙත් සිදු කළත් ඇතුලාන්තයෙන් අපගේ වෙනසක් සිදු නොවේ. මෙවන් දිනක විශේෂයෙන් අද දේව වචනය තුළ අපට ආරාධනා කර සිටින්නේ මිනිසුන්ට පෙනෙන්නට නොව ඇතුලාන්ත ජීවිත වෙනස්වීමක් තුළින් දෙවිඳුන්ගේ ආදරය අත්දැකීමටයි.

‘‘දෙවිඳුන්ට ප‍්‍රිය පඬුර නම් බිඳුණු හදවතකි. උන්වහන්සේ තැළුණු, බිඳුණු, සිතක් ඉවත නොදමන සේක.’’ එම නිසා පාපයට, නපුරට ඇති අපගේ නැඹුරුව ඉවතලා. ‘‘ වත ඉරාගෙන නොව සිත ඉරාගෙන’’ දෙවිඳුන් වෙත හැරෙමු. මෙම වරප‍්‍රසාදීය කාලය තුළ පාස්කු අභිරහසට අනුගත වෙමින් සැබෑ සිත් හැරීමක් හා මනස්ථාපනයක් ඇති කර ගැනීමේ පළමු පියවර අදින් අරඹමු.  

සුදත් නිර්මාල් සහෝදරතුමා
පළමුවන වසර දර්ශන පීඨය

-දෙනෙත පාස්කු කලාපය 2014 දර්ශන පීඨය ජාතික දෙව්සත්හල