Sunday, March 30, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 31 සඳුදා



මාර්තු 31
සඳුදා
යෙසායා 65:17-21
ජොහාන් 4: 43- 54
අප දයාබර ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ

‘‘යන්න නුඹගේ පුත‍්‍රයා ජීවත් වන්නෙහිය.’’  අද අප කී දෙනෙක් ජේසුස් වහන්සේගේ මුවින් නිකුත් වූ මෙම පරිපූර්ණ, බලසම්පන්න වාක්‍යය පිළිගැනීමට මැළි වෙනවාද? සාක්ෂියක් නොමැති කම නිසා උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ අපිරිමිත  ආදරය අපි කොපමණ වාරයක් ප‍්‍රතික්ෂේප කර ඇතිද? 

උන්වහන්සේගේ වචනය ඇසූ රාජ්‍ය නිලධාරියා ජේසුස් වහන්සේ ගැන හා උන්වහන්සේගේ වචනය ගැන තැබූ විශ්වාසය ඔහුගේ පුත‍්‍රයාට සුවය ලබා දුන්නේය. ඔහු නිවසට පැමිණි කල දැනගන්නට ලැබුනේ කුමක්ද? තමාගේ බුද්ධිය, තම සිත තුල නැඟුණු දහසකුත් පැණයන්ට පිළිතුරු නොදී, එ් සියල්ල යටපත් කර දේව වචනය මත තමාගේ සම්පූර්ණ වූ විශ්වාසය තැබූ මොහොතේදී තම පුත‍්‍රයා සුව වීමට පටන් ගත් බවය. 

මෙම චතාරිකය තුළ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ අප වෙත දැක්වූ ඉමහත් පේ‍්‍රමයට අප ජීවිත තුළින් ප‍්‍රති පේ‍්‍රමය දැක්වීමට අවශ්‍ය  කොන්දේසි විරහිත වූ විශ්වාසයේ දිවියක් ගෙවීමට අවශ්‍ය ශක්තිය තුලින් උන්වහන්සේගෙන් ඉල්ලා යාච්ඤා කරමු.

ජේසුනි,
මම මාගේ මුළු හෘදයෙන්ද, එමෙන්ම මගේ ගතින් ද, ඔබ වහන්සේට පේ‍්‍රම කරමි. මා සතු සෑම දෙයම ඔබ හට පුදමි. ඔබ වහන්සේගේ මෘදුකම හා අසීමිත ආදරය මත  දැනුත්, සදා කාලයටමත්, මා පිළිගත මැනව. කුරුසගත වූ සමිඳාණනි, මාගේ ස්වාමිනී ඔබ මාගේ සදා ආදරය වේ. ආමෙන්.

ත‍්‍රිවංක මධුසංඛ සහෝදරතුමා 
ෆ‍්‍රැන්සිස්කානු කන්වෙන්චුවල් නිකාය 
පළමු වන වසර දර්ශන පීඨය