Saturday, March 29, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 30 ඉරිදා

මාර්තු 30
ඉරිදා
1 සාමුවෙල් 16: 1 , 6-7 ,10-13 
එපීස 5: 8-14
ජුවාම් 9: 1-41 හෝ
9:1, 6-9, 13- 17, 34-38

නීතියට වහල් නොවී පේ‍්‍රමයෙන් පරහට දයාව පෙන්වමු.

චතාරික සමයේ සිව්වන ඉරුදින අදයි. වසර තිහක පමණ වූ කුරිරු යුද්ධයකට පසුව දැන් අප ගත කරන්නේ පශ්චාත් යුධ සමයකයි. යුද්ධය පැවති කාල සීමා තුළ අප එකිනෙකා තුළ වූ හැඟීම් දැන් හාත්පසින්ම වෙනසකට භාජනය වෙලා කිව්වොත් එය නිවැරදිය. යුධ සමයේ දිනපතාම අප සිතට නැගුනේ දිනකට කී දෙනෙක් මරණයට පත් වුණාද? කීදෙනෙක් බරපතල තුවාල ලැබුවාද? කොතැන, කොතැන බෝම්බ මාරයා පුපුරා ගියාද?  වැනි මිනිස් සිතට  බිය ගෙන දෙන ප‍්‍රශ්ණ නොවේද? ශ‍්‍රී ලංකාව ධර්මද්වීපය ලෙස අතීතයේ හැඳින්වූ බව නොරහසකි. දැන් අප මව්රටට කිව හැකි නම කුමක්ද? අධර්මද්වීපයද? එසේ නොමැති නම් දෛනිකව මේ සිදුවන මිනිමැරීම්, ගබ්සා කිරීම් නිසා මිනිස් ජීවිතයට ඇති ගරුත්වය කුමක්ද? නීතිය ඉදිරියට තබාගෙන නීතිය රකින ඇත්තන්ම නීතිය කඩන අයුරු පසුගිය දින කිහිපය පූරාම ජනමාධ්‍ය තුලින් අප දුටු සිද්ධි තුලින් මොනවට පැහැදිලි වේ.

අද සුපුවත අපට ආරාධනා කරනුයේ ද නීතිය නොව පේ‍්‍රමය මුල්කරගෙන තම සහෝදරයාට පේ‍්‍රම කළ යුතු බවයි. එසේ නම් අද අප ජීවත් වන සමාජය තුල මොනයම් හෝ ජීවිත තත්ත්වයන් තුල, අප අසල්වැසියාට, නීතිරීති වලට වහල් නොවී පේ‍්‍රමය පෙරදැරිකරගත් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව උදව් උපකාර කරන්නට ඔබ සූදානම්ද? ආලෝකයේ ප‍්‍රතිඵල නම් සියලූ ආකාර යහපත්කමත් ධර්මිෂ්ඨකමත්ය මේ චතාරිකයේදී ආලෝකයේ එම ජීවිත අත්දැකීමට ඇතුළු වෙමු. එපීස 5:9

‘‘ආලෝකයේ දරුවෝ වෙමු අපි සමිඳුන් කී විලසින්’’

ඇන්ටන් සුරංග පෙරේරා සහෝදරතුමා 
ෆ‍්‍රැන්සිස්කානු කැපුචින් නිකාය
පළමු වන වසර දර්ශන පීඨය