Thursday, March 27, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 28 සිකුරාදා



මාර්තු 28 
සිකුරාදා
හොසියා: 14:2-10
ශු. මාක් 12: 28-34

අවනත වීම 

දිනක් මාධ්‍යවේදියෙක් කැටයම් කරුවෙකුට මෙවන් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළේය. ‘‘ඔබ කොහොමද, මේ වගේ වැඩකට නැති ලී කැබැල්ලකින් මේ වගේ ජීවමාන විදිහට ජේසුගෙ මුහුණු කැටයම් කළේ?’’ එවිට මෙම කැටයම්කරුවා, ‘‘මහත්තයෝ.. මම වැඩි දෙයක් කරේ නැහැ. මම කළේ මේ ලී කෑල්ලේ උන්වහන්සේට අයිති නැති කොටස් අයින් කරපු එක විතරයි.’’ යැයි පිළිතුරු දුන්නේය.

අද දිනට නියමිත ශුද්ධ වූ සුපුවතට අනුව, ස්වාමීන් වහන්සේ අපහට ආරාධනා කරනුයේ එහි එන විනයධරයන් මෙන් කිසිදු පැකිලීමකින් තොරව නිහතමානීව ස්වාමීන් වහන්සේගේ වචනයට අවනත වී එය පිළිගෙන එකී අණපනත් හුදු වචන වලට පමණක් මායිම් නොකොට, එ්වා සිය ජීවිතය තුළ ක‍්‍රියාවට නැංවීමට අදිටන් කරගැනීමටය. එමෙන්ම, ජීවිතයෙහි අපට හමුවන්නා වූ විවිධාකාර අවස්ථාවන්ට හා සැප සම්පත් වලට වඩා වැඩියෙන් දෙවියන් වහන්සේට මෙන්ම අප අසල්වැසියාට මුළු හදවතින්ම පේ‍්‍රම කිරීම වඩා උතුම් බව අද අපට පවසයි. සියලූම කිතුණු ඉගැන්වීම්වල හරය වන මෙම උතුම් ක‍්‍රියාව දේව රාජ්‍යයේ පංගුකරුවන් බවට අප පත්කිරීමට ප‍්‍රමාණවත් වෙයි. එ් අතරම, ජේසුස් වහන්සේ මෙන් අන් අය දෙස බැලීමට, උන්වහන්සේ මෙන් අන් අයට ආදරය කිරීමට අප හුරු පුරුදු විය යුතුය. අද පළමු වන දේව ප‍්‍රකාශනය තුළින් ද ස්වාමීන් වහන්සේ අපහට පවසනුයේ අප සියලූ පාප වලට කමාව උන්වහන්සේ තුළ පමණක් පවතින බවය. උන්වහන්සේගේ ආදරය තුළ නවමු මැවිල්ලක් බවට පත්වෙමින් අපගේ උපරිම නමස්කාරය උන්වහන්සේට පමණක් පුද කිරීම අපගේ පරම යුතුකමය. අපගේ පව් උදෙසා සිය ජීවිතයම වැය කළ අප ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අප හට කළ හැකි උපරිම ගෞරවය නම් උන්වහන්සේ අපට පේ‍්‍රම කළාක් මෙන් අන් අයට පේ‍්‍රම කිරීමය. එසේ නම් අපගේ ඇතුලාන්තයට සවන් දී අප ජීවිත වල පළමු තැන දෙවියන් වහන්සේට පමණක් දෙමින් අසල්වැසියාට පේ‍්‍රම කිරීමේ උතුම් ගුණාංග අප ජීවිත තුළ කෙතරම් දුරට පවතිනවාදැයි අපගෙන්ම විමසා බලමු.

රජිත් දුලංජය ප‍්‍රනාන්දු සහෝදරතුමා දි.ගැ.නි.
පළමු වන වසර දර්ශන පීඨය