Tuesday, March 25, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 26 බදාදා

මාර්තු 26 
බදාදා
ද්වි. නීති. සං 4:1, 5-9
මතෙව් 5: 17-19

    ශුද්ධ වූ බයිබලය

කතෝලිකයන් වශයෙන් අපි ශුද්ධ වූ බයිබලයට කුමන තැනක් දී ඇත් ද? ඔබත් මාත් බයිබලය කියවන සහ මෙනෙහි කරන අවස්ථා කොපමණද? අද බයිබලයක් නැති නිවෙස් අනන්ත අප‍්‍රමාණයි. තරඟකාරී සමාජය තුළ දෙමාපියන්ද මුදල් පසුපස හඹා යන අවස්ථා එමටය. එවැනි පසුබිමක් තුළ බයිබලය කියවන දෙමව්පියන් පවා විරලය. ශු බයිබලය කියවන තරුණ තරුණියන්ද ඉතාමත් අල්පය. අප ජීවත්වන නූතන යුගයත් සමඟ අපට අපේ බොහෝ අනන්‍යතාවයන් අමතක වී ඇත. තවද බොහොමයක් පිරිස් අන්‍ය ආගම් කරා යාමට හේතුවද ඔවුන් හරිහැටි කිතුණුකම වටහා නොගැනීමයි.

අදට නියමිත සුපුවත තුලින් ද අවධාරණය කරනුයේ දේව වචනයේ වටිනාකම පිළිබඳවය. මොහොතක් අප සිතා බලමු දේව වචනය අඩංගු බයිබලය ගැන දැන ගැනීමට අපට කොපමණ තරම් ආශාවක් තියෙනවාද යන වග. එසේ නම් අපගේ දහසකුත් වැඩ අතරෙන් යම් කිසි කාලයක් දේව වචනයට සවන් දීමට ද වෙන්කර ගනිමු.

ලහිරු ප‍්‍රශාන් සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය