Monday, March 24, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 24 සදුදා



මාර්තු 24 
සදුදා
2 රාජාවලිය 5:1 - 15 
ශු. ලූක් 4:24-30

බැගෑපත් වීම තුළ ජේසුස් වහන්සේ අත්දකිමු.

අදට නියමිත සුපුවතින් අප අමතන ජේසුස් වහන්සේ එදා මෙන් නොව අප අද අත්දකිනුයේ අනෙකා තුළිනි. එලෙස අත්දකින්නට ඔබේ මගේ හද සූදානම්ද? අප අද දින පළමු දේව ප‍්‍රකාශනයේ දකින නාමන් නැමති සෙන්පතියා තම සේවකයන්ට බැගෑපත්වීම තුළ ඔහුගේ රෝගී තත්ත්වයෙන් මිදීම ලබයි.

එසේ බලන කල ඔබට, මට ඔබේ මගේ සහෝදරයා පිළිගන්නට බැරි වන්නේ ඔබ මා වෙලා ගෙන ඇති පාපය නමැති මකුළුවාගේ දැල නිසාවෙනි. එය ඔබේ, මාගේ ගත සිත සීරුවට වෙලා ගෙන අඩපණ කොට ඇත. එම නිසා ඔබට මට නිතරම පෙනෙන්නේ ඔහුගේ අඩුපාඩු සහ සමාජ පසුබිමයි. එසේ වන්නේ ඔබ මම කුහකකම, අහංකාරකම සහ නිරායාසයෙන්ම මනුෂ්‍යයෙකු කරන පාපයක් වන ඊර්ෂ්‍යාව වැනි පාපවලට වහල් වී ඇති නිසයි.

එදා ජේසුතුමාට එතරම් ප‍්‍රබලව සමාජ ප‍්‍රතික්ෂේප වීම් සිදු වූවා නම්, අද දුබල ඔබට මට සිදුවන ප‍්‍රතික්ෂේප වීම් කොතරම් ප‍්‍රබල විය යුතු දැයි සිතිය හැක. එසේ නම් අපගේ සෑම දුබලකමක්ම ජේසුස් වහන්සේගේ කුරුසිය පාමුල වැගිරෙන ශ‍්‍රී රුධිරයෙන් දොවා, අපි අපගේ දුර්වලකම් දේව රාජ්‍යය වෙනුවෙන් ප‍්‍රබලකම් කර ගන්නට මේ පාස්කුවේදීවත් උත්සුක වෙමු.  එම ජීවිත එතෙර වීමට අද දින ඔබ, මම කොතරම් සූදානම්ද? ගැඹුරින් සිතා බලමු.....

සවන් ජයසූරිය සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය