Saturday, March 22, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 23 ඉරිදා



මාර්තු 23
ඉරිදා
නික්මයාම 17:3-7
රෝම 5: 1-2, 5-8
ජොහාන් 4:5- 42

ඇරයුම

අම්මා තාත්තාගේ ආදරය, දුවගෙ පුතාගෙ ආදරය, සහෝදර සහෝදරියන්ගේ ආදරය අපට පේනවා, ඇහෙනවා එමනිසා තේරුම්ගැනීමට හරිම පහසුයි. එ්ත්, දෙවියන් වහන්සේගේ ආදරය මහා පුදුමාකාරයි. 

මිනිස් අපිට වගේ උන්වහන්සේට ‘‘ආදරය’’ කියල වචනෙන් කියන්න බැහැ, එ් වගේම ආදරය කරන උන්වහන්සේව අපිට පේන්නේත් නැහැ. එ් ආදරය අපිට දැනෙනවා විතරයි. එහෙත් අහෝ ! දුර්වල අපි, දැනෙන ආදරයක් කෙලෙස හඳුනාගන්නෙමුද ? එ් ආදරයට කෙලෙස ප‍්‍රතිපේ‍්‍රමය දක්වමු ද?

‘‘මට වතුර ටිකක් දෙන්න’’

ස්වාමීන් වහන්සේ ඔබගෙන්, මගෙන්, ඔබටත් මටත් යමක් ත්‍යාජ කරන්නට ඇරයුම් කරනවා. එ් තමයි ඔබේ මගේ පව්කාර ස්වභාවය, උන්වහන්සේගේ ආදරය දැනෙන විට ඔබට දැනේවි ඔබගේ දුර්වල ස්වභාවය. හඳුනාගන්න එ් ආදරය, භාරකරන්න ස්වාමීන් වහන්සේට එ් අයුරින්ම ඔබේ පව්කාර බව, ඔබ ප‍්‍රතික්ෂේප කරන ඇතුළාන්තය, ඔබට රිදවන ඔබේ අඳුරු මතකයන්. ඔබ නිදහස් වන, හිස් වන වාරයක් වාරයක් පාසා ස්වාමීන්වහන්සේට හැකිවේවි ඔබව පුරවන්නට උන්වහන්සේගේ ජීවන ජලයෙන්.

මෙලෙස ඔබ උන්වහන්සේගේ ආදරයට පිළිතුරු දෙනවිට, ඔබට බොන්නට දෙන ජීවන ජලයෙන් ඔබ ලබන තෘප්තිය කිසි කලෙක ඔබව නැවත පිපාස නොකරනු ඇත.

සියල්ල දන්නා ආදරවන්ත ස්වාමීන් වහන්සේ තුළ කුමක් නිසා තවමත් ඔබ ඇතුළාන්තව දුක් විඳින්නෙහිද?  ඔබගේ ස්වභාවය පිළිගෙන, ජීවන ජලයේ තෘප්තියේ අත්දැකීමට ඔබට කරන දේව ආරාධනයයි.

රන්දුල අධිත සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය