Friday, March 21, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 21 සිකුරාදා



මාර්තු 21
සිකුරාදා
උත්පත්ති 37: 3-4, 12-13, 17- 28
මතෙව් 21:33-43, 45-46

  ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම කොනේ මුල් ගල වී ඇත.

සෙමින් සෙමින් පියවර නැඟිණි. දේවස්ථානය තුළ මවක් තම කුඩා දරුවා සමඟ. දරුවා පොළියෝ රෝගයෙන් පෙළෙන්නෙකි. වෛද්‍යවරු ප‍්‍රතිකාර කිරීමෙන් කිසිදු ඵලක් නොමැති බව සහතික කර හමාරය. නමුදු මව දේවස්ථානය තුළ දණින් වැටී කුඩා දරුවා ඔසවා ‘‘ දෙවිදුනි, ඔබවහන්සේට බාර කරමි. ’’ තෙපලමින් දරුවා දෙවිඳුන්ට බාර කළාය. පසු කලෙක මෙම පෝළියෝ රෝගි දරුවා ලොවම ජය ගත්තේය. සිතා ගත හැකිද ඔබට මේ දරුවා කවුරුන්ද කියා. ඔහු තමා අද ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලිය ලද ජැමෙයිකානු ක‍්‍රීඩක උසේන් බෝල්ට්, ඔබට විශ්වාස කළ හැකිද මෙය?

මෙය සමිදුන්ගේ ක‍්‍රියාවකි, අප ඇස් හමුවෙහි එය විශ්මයජනකය. පළමු වන කියවීම තුළ ජෝසප් මිසර වාසීන් ඉදිරියෙහි දේව වරප‍්‍රසාදයෙන් වීරයකු විය. එසේම උසේන් බෝල්ට් අද වන විට අප අතර ජීවමාන වීරයෙකි. එයත් දේව වරප‍්‍රසාදයකි.

දේව පේ‍්‍රමය අප සමගයි. එනමුදු අප සැම කොතැනද.. ?

සුසිරු ප‍්‍රශාන් සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය