Thursday, March 20, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 20 බ‍්‍රහස්පතින්දා



මාර්තු 20 
බ‍්‍රහස්පතින්දා
ජෙරමියා: 17:5 - 10
ශු. ලූක් 16: 19 - 31

මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිසය.

‘‘ධනපතියා සහ ලාසරස් ’’ අප සැම හොදාකාරව අසා තිබෙන උපමා කතාවකි. ධනපතියා මෙලොවේ සැප විඳ මරණනින් පසුව ආත්මභවනයේ වඳ විඳී, නමුදු මෙලොව කිසිවක් නොතිබු දුක් විදි ලාසරස් ස්වර්ග රාජ්‍යයේ සැප විඳී, මෙයින් අපට පිළිඹිඹු කරනුයේ මෙලොව සැප  විඳින, එසේත් නැතිනම් ධනපතියා මෙන් පොහොසත් ගනයෙහි ලා සැළකෙන සැමට මරණින් පසුව දුක් විඳීම උරුම බවත්, මෙලොව දුක් විඳින එනම් ලාසරස් මෙන් නැති බැරි උදවියට මරණින් පසුව ස්වර්ග රාජ්‍යය උරුම වන බවද? නැත, එසේ නොවේ. එසේ නම් මේ උපමාවෙන් අපට ගෙන හැර පාන සත්‍යාව කුමක්ද? මොහොතක් මෙනෙහි කර බලමු. ධනපතියාට මරණින් පසු දුක්විඳීමට ඔහු අතින් සිදු වූ වරද කුමක්ද යන්න. ඔහු අතින් සිදු වූ කිසිදු වරදක් උපමා කථාවෙහි සඳහන් නොවේ. ඔහු තමා ළඟට පැමිණි ලාසරස් ව එළවා දැමුවේද නැත. එසේ නම් ඔහු අතින් සිදුවූ  වරද කුමක්ද යන්න. ඔහු අතින් සිදු වූ කිසිදු වරදක් උපමා කථාවෙහි සඳහන් නොවේ. ඔහු අතින් සිදු වූ බලවත් වරද නම් ඔහු හට හැකියාව තිබියදීත් ලාසරස්ට උපකාර නොකිරීමයි.

‘‘එසේ කරන්නේ මිනිසාගේ හැසිරීම අනුව, ඔහු ජීවත් වන පිළිවෙල ලෙස ඔහුට විපාක දෙන පිණිසයි.’’ 

පළමු වන කියවීම තුළින්ද අපට පසක් කරනුයේ මෙලොව අප ජීවත් වන ආකාරයට දෙවියන් වහන්සේගෙන් අපට විපාක ලැබෙන බවයි. එසේ නම් අපි මෙනෙහි කර බලමු ධනපතියා මෙන් අපත් ක‍්‍රියාකළ අවස්ථාවන්, එනම් අප සහෝදරයාට, අසල්වැසියාට, මිතුරාට උපකාර කිරීමට හැකියාව තිබියදීත් මඟ හැර ගිය අවස්ථාවන්.

විනෝජිත් ප‍්‍රනාන්දු සහෝදරතුමා,
පළමු වසර දර්ශන පීඨය