Tuesday, March 18, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 19 බදාදා



මාර්තු 19 
බදාදා
2 සාමුවෙල් 7: 4-5, 12-14, 16
රෝම 4:13 , 16 -18, 22
ශු. මතෙව් 1:16, 18-21, 24
හෝ ශු.ලූක් 2:41-51

සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝය.

අප වර්තමාන සමාජය දෙස බැලූවොත් තාක්ෂණය අතින් දියුණු සමාජයක් දකින්න පුළුවන්. මේ තාක්ෂණය අතින් දියුණු සමාජයෙහි මනුෂ්‍යත්වය පිරිහී යාම ඉතාමත් කණගාටුදායක කරුණක්. දුෂණය, භීෂණය, වංචාව, මංකොල්ල කෑම, ... මෙවැනි දේවල් මනුෂ්‍යයාගේ ජීවන චක‍්‍රයේ සුපුරුදු දේවල් බවට පත්වෙලා. එවැනි ඇබ්බැහිකම් වලින් මිදීමට රුකුලක් ලෙස පුනරුත්ථාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා.
සමස්ථය මෙය වූවත් අපි අපේ හදවතට එකඟව කථාකරලා බැලූවොත්, බන්ධනාගාරයක් නැත්නම් පුනරුත්ථාපන කඳවුරක් තුළ ඉන්න කෙනා සහ මා අතර කිසිම වෙනසක් නෑ. අපිත් එ් අය වගේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම්, මනුෂ්‍ය ජීවිතයේ අරමුණු අමතක කරලා ඊර්ෂ්‍යාව, වෛරය,  තණ්හාව යන පාපයන්ට ඇබ්බැහි වෙලා. අරක්කු බෝතලයට, සිගරට් එකට ඇබ්බැහි වෙලා. අන්තර්ජාලය, මුහුණු පොත, ජංගම දුරකථන යන දේවල් වලට ඇබ්බැහි වෙලා. මේ සැමට ඇබ්බැහි වෙලා මනුෂ්‍ය ජීවිතයේ අරමුණ අමතක කරලයි අපි ජීවත් වෙන්නේ. නමුත් මේ ඇබ්බැහිවීම් එක්ක අපි ක‍්‍රිස්තුස් වහන්සේ නමැති පුනරුත්ථාපන කඳවුරට ඇතුල් වුනොත් අනිවාර්යයයෙන්ම නව ජීවිතයක් අපට ලැබෙනවා. මක් නිසාද සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණන්ය.

ශු. ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය සමරන අද දින උන්වහන්සේ කීකරුකමේ සහ ඇදහිල්ලේ උතුම් වූ ආදර්ශය අපට ලබා දෙනවා. එ් ඇදහිල්ල තුළ අපත් ජීවත් වී අපේ ඇබ්බැහි වීම් වලින් අපව ගලවන්න ජේසුස් වහන්සේට අවස්ථාව ලබා දෙමු.

සකිල රුවන් සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය