Monday, March 17, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 18 අගහරුවාදා



මාර්තු 18
අගහරුවාදා
යෙසායා 1: 10,  16- 20
මතෙව් 23: 1-12

ආයුබෝ වේවා මහ රජාණෙනි

මෙහෙම වැකියක් දුටු විට, ඔබට දැනෙන සිතුවිල්ල පළමු කොට ඔබව සමාජය දෙසට රැගෙන යයි. ‘‘පියාණෙනි’’, ‘‘නායකතුමනි’’, ‘‘උතුමාණෙනි’’, හා ‘‘රජාණෙනි’’ යනුවෙන් බොහෝ විට කියවා ගන්න මහන්සි වෙන බොහොමයක් කෑදරකමින් නායකත්වය ලූහු බඳින්නට ආගමික වශයෙන්, දේශපාලනික වශයෙන් හා ඊටත් වැඩියෙන් සමාජීය වශයෙන් පියවර තබා අවසන්. මෙලෙස බලකාමයෙන් ඉදිරියට ඇදෙන ඔවුන් ළඟ සිටියෙ කවුද? ඉන්නෙ කවුද? කරන්නෙ කුමක්ද? ඊටත් වැඩියෙන් ඔවුන් ලඟාවන්නට වෙර දරන අරමුණ හෝ පටු ඉලක්කය දෙස ඇස් අයාගෙන සිටින ඔබට මට හිතේ කොතනක හෝ ගැටළුවක් මතුවේ. එනම් ‘‘මට අනුගමනය කළ හැකි සැබෑ නායකයාණෝ කව්ද? ’’ යන්නයි.

මම දැන් ජේසු අනුව යන කෙනෙක්. එ් නිසා මට එ් ගැටළුවට පිළිතුර කුරුසි ගමන ගිය ජේසුගෙන් අහන්න බැරිද? ... සමාජය අඳුරේ කොතෙකුත් ගණුදෙනු කරතත්, නිතරම තාන්න - මාන්න, හා ආශා පසුපස ඇදී ගියත් , දිනෙන් දින යටි මඩියෙන්  ගේ-දොර , වතු - පිටි, හා ඇඟ-පත, තර - බාරු කරතත්, එ් සැම ... දෙවිඳුන් එනම් නායකයන්ගේ නායකයාණෝ වන අප එකම ස්වාමියාණෝ ඉදිරියේ පුස් වනු බව අද දිනට නියමිත ශුද්ධ වූ සුවිශේෂය තුළ ශු . මතෙව් තුමා පැහැදිලි කර දෙයි. එලෙසම දෙමාපියනි, වැඩිහිටියනි, සහෝදර සහෝදරියනි, නිහතමානී සරල දිවි පෙවෙතක් ඔබ මම ගත කරනවා නම් මෙන්න කදිම අවස්ථාවක් දේව වචනයට අනුව උසස් වන්නට...

බැටළු එෙඬ්රෙකුගේ විශේෂත්වය ඔහුගේ කටහඬයි. එයට අවධානයෙන් සවන් දීම යහපත් බැටළුවෙකුගේ ප‍්‍රතිචාරයයි. එලෙසම එ් හඬ ඔස්සේ පමණක් ඉදිරියට යෑම එකී බැටළුවාගේ ක‍්‍රියාවයි. ජේසු සමිඳුන් අපේ එකම නායකයාණෝය, එ් නිසා උන්වහන්සේ පසුපස ඇවිදගෙන යන අපි උන්වහන්සේට පමණක් සවන් දෙමු. උන්වහන්සේ අනුගමනය කරමු. එදිනෙදා වැඩකටයුතු වලදී අප කරන සුළු හෝ දෙය සතුටින් හා අවංකව කරමු. එය නොවේද? අප තුළ සැඟවුණු සැබෑ කිතුණු නායකත්වය.

ෂෙවෝන් මධුෂාන් සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය