Monday, March 17, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 17 සදුදා



මාර්තු 17
සදුදා
දිවැසිවර දානියෙල් 9: 4-10
ලූක් 6:36 - 38

    සමාව දීම සහ සමාව ගැනීම

කවුරුහරි කෙනෙක් ඔබෙන් ඇසුවොත් වඩා පහසු සමාව දීමද, එසේත් නැතිනම් සමාව ගැනීම ද? ඔබගේ පිළිතුර කුමක් වෙයිද? මොහොතකට අපි අපගේ මව්වරුන් සිහිපත් කලහොත්, අපට ඔවුන්  කොපමණ වාරයක් නම් සමාව දීලා ඇත්ද? එලෙසම අපගේ පියවරුන්ද අපට අනේක වාරයක් සමාව දී තිබෙන්නට පුළුවනි. නමුත් ඔබත් මමත් සමාව ලබාගත් පුද්ගලයන් ලෙස එසේත් නැතිනම් සමාව අත්විඳපු පිරිසක් ලෙස ජීවත්වුණු සහ ජීවත්වන අවස්ථා දුලබයි. අදට නියමිත ශු. සුවිශේෂයට අනුව අපට අවධාරණය කරන්නේ සමාව දීමේ සහ සමාව ගැනීමේ වටිනාකම පිළිබඳවය. තවත් කෙනෙකුගෙන් සමාව ගැනීම තුළ අප අත්විඳිනා ප‍්‍රීතිය ද සමාව දීම තුළ අප අයිතිකරගන්නා නිදහස ද වචනයට පෙරළීම අසීරුය. ඉතා හොඳින් ඉදුණු මී අඹ ගෙඩියක රසය තවත් කෙනෙකුට විස්තර කිරීම දුෂ්කර කාර්යයක් සේම සමාව දීමේ සහ සමාව ගැනීමේ වටිනාකම අපට තවත් කෙනෙකුට විස්තර කල නොහැක. එය පෞද්ගලිකව අත්දැකිය යුත්තකි.

මෙදා චතාරිකය තුළ අපට සමාව දීමට නොහැකිව සිටින එක් පුද්ගලයෙකුට මුළු හදවතින්ම සමාව ලබා දී, ඔහුව/ ඇයව නැවත වාරයක් පිළිගැනීමට ප‍්‍රයත්නයක් දරමු. එසේ කලහොත් මෙවර පාස්කුව ඔබටත් මටත් අර්ථවත් පාස්කුවක් වන බව ස්ථීරයි.

ලහිරු ප‍්‍රශාන් සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය