Saturday, March 15, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 15 සෙනසුරාදා



මාර්තු 15
සෙනසුරාදා
ද්විතීය නීති සංග‍්‍රහය 26: 16-19
ශු. මතෙව් 5: 43 -48


ස්වර්ගීය පියාණන් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.

          තිබුණත් වරමක් දිවැස් දෙසීමේ - සැදැහැ ඇතත් කඳු සෙලවීමේ
පිරිපුන් මිනිසෙකු වෙමුද කෙසේ - පේ‍්‍රමය මට නැති නම්

ඔබටත්  මටත් ඇති ඉමහත් ආදරය නිසාවෙන් මෙලොවට වැඩම කර ඔබගේත් මගේත් පාපය වෙනුවෙන් වන්දි ගෙව්වා වූ ජේසු සමිදුන්ගේ පේ‍්‍රමයේ යාගය සමරන්නට සූදානම් වන මෙම දින හතලිහ තුළ එක් දිනයක් වන අද ශු. ලියවිලි පාඨයන් අපට පසක් කරනුයේ ‘‘ඔබේ අසල්වැසියාට මෙන් සතුරාටද පේ‍්‍රම කළ යුතු බවයි.’’ එනම් ඔබගෙත් මගෙත් කිතුණුකම ගෙලෙහි ඇති කුරුසියකට හෝ අතෙහි ගෙන යන්නාවූ ශු. බයිබලයට පමණක් සීමා නොකරමින්, පේ‍්‍රමයේ ජීවිතයක් ගෙවන්නට ඔබත් මාත් කැදවනු ලබයි. මිතුරෙකුට පේ‍්‍රම කිරීම කොතරම් පහසු කරුණක් වන මුත්, තම සතුරාට පේ‍්‍රම කිරීම බොහෝ විට ඔබට මට සිතීමට පවා අසීරු බව නොරහසකි. එහෙත් සැබෑ දේව දරුවන් ලෙස දෙවිදුන් තුළ පූර්ණත්වයට පත් වීමට නම්, කුරුසියේදී දුෂ්ඨ ජුදයින්ට සමාව දෙමින් තම දේවපුත‍්‍ර භාවය ඔප්පු කලා වූ ජේසු සමිදුන් මෙන් අපද අවම වශයෙන් අපගේ සතුරන්ට වෛර නොකර සිටීමට උත්සාහ කරමු. එ් තුල දේව පුත‍්‍ර භාවයට සාක්ෂි දරමින් දෙවිදුන් තුළ පූර්ණත්වය අත් දකින්නාවූ සැබෑ පාස්කු මංගල්‍යයකට සූදානම් වෙමු.

තම සහෝදරයාට පේ‍්‍රම නොකරන කිසිවෙක් දෙවියන් වහන්සේගේ දරුවෝ නොවෙති.

ෂර්ලි ලක්ෂාන් සහෝදරතුමා
පළමුවන වසර දර්ශන පීඨය