Thursday, March 13, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 13 බ‍්‍රහස්පතින්දා

මාර්තු 13
බ‍්‍රහස්පතින්දා
එස්තර් ජ : 12 14- 16, 23 - 25
මතෙව්: 7:7-12


‘‘ඉල්ලන්න ඔබට දෙනු ලැබේ, සොයන්න ඔබට සම්බ වේ.’’

මොහොතකට නවතින්න. සිතා බලන්න, ඔබේ ජීවිතයට මොහොතක් එබිකම් කර, ඔබ ඔබේ ජීවිතයේ ගොඩක් දේ දෙවිඳුන්ගෙන් ඉල්ලා ඇති. ඔබ එ් ඉල්ලූ දේවල් අතරින් සමහරක් දේ ඔබට නොලැබිලා ඇති. තවත් විටෙක නොඉල්ලූ දේ ඔබට සම්බ වෙලා ඇති.

මනුෂ්‍යයන් වශයෙන් අප ඉල්ලූ දෙයක් අප නොලද විට  කනස්සල්ලට පත් වෙනවා. අධෛර්්‍යයට පත් වෙනවා. ඇතැම් විට දෙවිඳුන්ගෙන් ඈත්ව අන් මඟකින් එය ලබා ගැනීමට හෝ උත්සහ දරනවා.
කුමක්ද අද සුපුවත තුළින් අපට අවධාරණය කරනුයේ, ‘‘ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. සොයන්න, ඔබට සම්බ වේ. තට්ටු කරන්නාට ෙදාර අරිනු ලැබේ.’’

වත්මන් සමාජ රැුල්ලට අසුවූ අප විටෙක ඉල්ලනුයේ මොනවාද? අප සොයන්නට උත්සහ කරනුයේ මොනවාද? 

කිතුණු අනුගාමිකයන් ලෙස අප ඉල්ලිය යුතු වනුයේ  නොයෙකුත් බාධා මධ්‍යයේ ගමන් ගන්නා වූ අපගේම ජීවිත ප‍්‍රශ්නයන් ජයගැනීමට අවශ්‍ය කරන ශුද්ධාත්ම මඟ පෙන්වීමයි. අප සෙවිය යුතු වන්නේ දිනෙන් දින නැතිවී යන අපගේ විශ්වාසයයි. අප තට්ටු කළ යුතු වන්නේ දෙවිඳු හඬ නොඇසෙන අපගේම හදවතටයි.

ඩිෂාන් සූසිරි මධුවන්ත සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය