Wednesday, March 12, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 12 බදාදා



මාර්තු 12
බදාදා
දිවැසිවර ජෝනා 3: 1-10
ශු. ලූක් 11: 29-32

ජෝනාට වඩා ශ්‍රේෂ්ඨයෙක් මෙහි සිටියි.

අපගේ මිනිස් ස්වභාවය නම් සමාජය තුළ කැපී පෙනෙන වැදගත්, ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ලෙස ජීවත් වීමය. මෙම මතය තුළ ජීවත් වන කිතුණුවාගේ මූලික පරමාර්ථය වනුයේ, තමාගේ ශ්‍රේෂ්ඨත්වය හා තමන්ගේ අභිවෘද්ධිය ගැන සිතීම පමණක් නොව, තම අසල්වැසි සහෝදරයාවද එම ශ්‍රේෂ්ඨත්වය දෙසට කැඳවාගෙන එ්මය.

වත්මන් සමාජයේ ජීවත්වන පියෙක් ගත්කල, තම පවුල, රැුකියාව, සිය ජීවිතයේ අරමුණ කරගෙන සිටිය හැක. එලෙසම මවක් නූතන විලාසිතාවන් තම ජීවිතයේ වැදගත් දේ කරගෙන සිටිය හැක. තවද, තරුණ තරුණියන් අන්තර් ජාලය, ටුවිටර් වැනි සමාජ වෙබ් අඩවීන්ද, ජංගම දුරකතන ද, තම ජීවිතයේ නැතුවම බැරි අංගයන් කරගෙන සිටිය හැක.
අද සමාජයේ දිවයන සමාජ රැුල්ල මෙය නම්, කිතුණුවන් ලෙස අප අපගේ ශ්‍රේෂ්ඨත්වය, මූලික තැන දිය යුත්තේ කාටද? එ් ක‍්‍රිස්තුන් වහන්සේට නොවේද? මන්ද මේ ලෝ සෑම දෙයකම අධිපතියාණෝ එතුමාණෝය. මෙය ඇත්තෙන්ම වරප‍්‍රසාදයේ කාලයකි. අපගේ ජීවිතයේ සෑම දෙයකටම කලින්, ශ්‍රේ‍්‍රෂ්ඨ එකම දෙය වන ක‍්‍රිස්තුන් වහන්සේට මූලික තැන දීමට මෙම පාස්කුව නම් ‘‘එතරවීමේ ’’ කාලය තුළ අපි අරමුණු කරගනිමු.


සනිල් මධුසංඛ සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය