Tuesday, March 11, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 11 අඟහරුවාදා


යෙසායා 55: 10-11
මතෙව් 6:7-15

යාච්ඤාවේ බලවත්කම අත්දකිමු.

ජේසුස් වහන්සේ තම ගෝලයන්ට ඉගැන්වූ යාච්ඤාව  ලෙස ස්වාමීවාක් ආරාධනාව සැලකිය හැකිය. දෙවි මිනිස් සංවාදය සඳහා ජේසුස් වහන්සේ අපට කියා දුන් පූර්ව ආදර්ශය එම යාච්ඤාවේ අඩංගුය. 

එදා ජෙරුසලමේ මුළු කිතුණු සංඝය දෙස බැලූ විට ඔවුන් ප‍්‍රබල ලෙස යාච්ඤාවේ  ජීවිතයක් ගත කිරීම තුළින් සමිදාණන් වහන්සේට ප‍්‍රශංසාව හා මහිමය ගෙන දුන්හ. දෙවිඳුන් යැදුම ඔවුන්ගේ ජීවිත ක‍්‍රියාකාරී කල අතර, ඔවුන් වෙත පැමිණි ජීවිත අභියෝග ජයගැනීමට, ජීවිතය ජීවත් කරවීමට ප‍්‍රබල අවියක් විය.

ජේසුස් වහන්සේව ඇසුරු කරන ජනතාවක් ලෙස අපද අපගේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම යාච්ඤාවට මුල් තැන දිය යුතුය. යාච්ඤාවේ බලය මහිමය අත්දැකීමට නම් නොකඩවා, එක්සත්ව, එක සිතින බැහැපැත්ව යාච්ඤා කළ යුතුය. එමඟින් දෙව් මිනිස් සබැඳියාව වඩ වඩාත් ශක්තිමත් වේ. 

එදිනෙදා අපගේ දෛනික ඉල්ලීම් ඔවුන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතුය. ලෞකික අවශ්‍යතා මෙන්ම, අධ්‍යාත්මික අවශ්‍යතා ඉල්ලීම් වේ. එමෙන්ම අපට නොයෙක් ආකාරයේ සතුරුකම්, ඊර්ෂ්‍යාකාරකම්, විපත් පැමිණ වූ අයට අපගේ මුළු හදවතින්ම  ක්‍ෂමාව දානය කල යුතුමය. අප සමාව දෙන විට අපගේ පාපවලට ද සමාව ලැබෙන බව සුවිශේෂක මතෙව් ශූභාරංචියේ 6: 14-15 සඳහන් වෙයි.

එම නිසා මෙම චතාරික සමයේ අප සියලූ දෙනාම ඔවුන් වහන්සේට නිරතුරුවම දියයුතු ප‍්‍රශංසාව හා නමස්කාරයට මුල් තැන දිය යුතුය. එබැවින් සෑම මොහොතකම, සෑම සිද්ධියකදීම උන්වහන්සේට දිය යුතු තැන දෙමින් දෙවිඳුන් මහිමයට පත් කරමු.

රංග චලිත සහෝදරතුමා
පළමු වන වසර දර්ශන පීඨය