Monday, March 10, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 10 සඳුදා



මාර්තු 10
සඳුදා
ලෙවි 19: 1-2, 11-18
ශු. මතෙව් 25:31-46



‘‘දක්වත ඔබ මගෙ ඉතා කුඩා බෑයකුට දයා එ් කරන්නේ මට තමා’’

එදා ජේසුස් වහන්සේ සමාජයේ කොන් වූවන්, අසරණ වූවන් සොයා ගොස්  ඔවුන්ට සරණය වූයේ උන්වහන්සේ මිනිසා කෙරෙහි ඇති අසීමිත ආදරය නිසයි. ජේසුස් වහන්සේ මෙදින සුවිශේෂ පාඨය තුළින් ඉතා ප‍්‍රබල පණිවිඩයක් අපගේ හදවත් වලට ගෙන හැර දක්වයි. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ ගුණධර්ම පිරිහී යමින් පවතී. තම සහෝදරයාගේ අවශ්‍යතාවයට සංවේදී වීම ඉන් එකකි. මමත්වය මුල් බැස ගෙන ඇති මෙවන් සමාජයක තම සහෝදරයාගේ අවශ්‍යතාවය දැන දැනත් එ් පිළිබඳව සංවේදී නොවී මමත්වය පසුපස හඹා යන පුද්ගලයන් අද කොතරම් සිටීද? එවන් පුද්ගලයන්ගේ හදවත් තුළ සැබෑ සතුටක් අත්දැකිය නොහැකි බවත් අන්තිම විනිශ්චය දවසේදී ඔවුන්ට හිමිවන්නේ නිරය බවත් ජේසුස් වහන්සේ විශේෂයෙන්ම අවධාරණය කරයි. මේ වරප‍්‍රසාද සමයේ අපගේ හදවත් සෝදිසි කරමින්  තම සහෝදරයාගේ අවශ්‍යතාවයට සංවේදී වෙමින් තම සහෝදරයා නඟා සිටුවීමටත් මේ චතාරික කාලය තුළ කිතුණුවන් වශයෙන් ක‍්‍රියාශීලී වීමටත් අදිටන් කර ගනිමු.

මේරියන් ඩිලක්ෂිත් සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය