Sunday, March 9, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 09 ඉරිදා



මාර්තු 09
ඉරිදා

උත්පත්ති:2:7-9, 3:1-7
රෝම: 5:12 -19 හෝ 5: 12, 17-19
මතෙව් 4:1-11

‘‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න.’’

අද අප ජීවත්වෙනුයේ විෂම සමාජයක් තුළය. විවිධ වූ විෂමාචාර ක‍්‍රියා අද සමාජය තුළ දැකිය හැක. එනම්, මත්ද්‍රව්‍ය ගණිකා වෘත්තිය, ළමා අපචාර, ගබ්සාව වැනි විෂමාචාර ක‍්‍රියාවන් අද සමාජය වෙලාගෙන ඇත.

අද චතාරික සමයේ පළමුවන ඉරුදිනයි. මෙම කාලය තුළ කිතුණුවන් වන අප සැම සැබෑ පසුතැවීමකට, සිත්හැරීමකට කැඳවනු ලබයි. මේ වරප‍්‍රසාදජනක කාලයයි. මෙම කාලය තුළ සමිඳාණන් වහන්සේ දේව වචනය තුළින් අප සැමට සැබෑ පසුතැවීමකට මං පාදනු ලබයි. අද දිනයට නියමිත ශුද්ධවු සුපුවත තුළින් අප අමතන සමිඳාණන් වහන්සේ අපට පුන පුනා කියනුයේ නපුර ඔවුන් වහන්සේව පරීක්ෂා කළ සේම, කිතුණු අනුගාමීන් වන අපව ද මෙම විෂම සමාජය තුළ විවිධ වූ ස්වරූපයන්ගෙන් පරීක්ෂා කරනු ලබන බවයි. දෙවි සමිඳාණන් වහන්සේගේ උතුම් නිර්මාණය වන මිනිසාගේ මැවීම පිළිබඳවත්, නපුරාගේ කූඨ උපාය නිසා මිනිසාගේ ඇද වැටීමත්, එ් තුළ දෙව් මිනිස් සබැඳියාව පළුදු වූ ආකාරයත් පළමුවන දේව ප‍්‍රකාශනයෙන් පෙන්වා දෙයි.

දෙවන දේව ප‍්‍රකාශනය අපට පෙන්වා දෙන පරිදි දෙවිඳුන්ගේ උතුම්ම මැවිල්ල වන මිනිසාගේ ඇදවැටීම තුළ ලොවට පාපයත්, පාපය නිසා ලෝකයට මරණයත් පිවිසියාක් මෙන්, ක‍්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කුරුස ගත වීම තුළ ක‍්‍රිස්තු අනුගාමීන් වන අප උන්වහන්සේගේ ජීවනදායක වරප‍්‍රසාදයන්ට උරුමකම් කියනු ලබන්නෝය.


දමිත ශ‍්‍රීලාල් සහෝදරතුමා
පළමු වන වසර දර්ශන පීඨය