Saturday, March 8, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 08 සෙනසුරාදා



මාර්තු 08
සෙනසුරාදා  
යෙසායා 58: 9-14
ලූක් 5:27-32

‘‘රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදුන්ගෙන් වැඩක් නැත.’’

පුරාණ ගිවිසුම තුළ විවිධ අවස්ථාවන් හී දෙවි සමිදාණන් වහන්සේ නොයෙකුත් පුද්ගලයන්ට කථා කලා. එ් හැම අවස්ථාවකදීම ඔවුන් එ් සඳහා ‘‘මම මෙහි’’ යැයි උත්තර දුන්නා. නමුත් අද පළමු කියවීම තුළ ඊට වඩා හාත්පසින් වෙනස් වූ සිදුවීමක් අපට දක්නට ලැබනවා. එනම් අප දෙවි සමිඳාණන් වහන්සේට කථා කල විට උන්වහන්සේ ‘‘ මම මෙහි ’’ යැයි පිළිතුරු දෙන බව අපට පසක් කරනවා.

අප යහළුවකු බලාපොරොත්තුවෙන් සිටින විට ‘‘ මම ඔබත් සමඟ ඉන්නවා’’ යැයි දෙන පිළිතුර, අපගේ ප‍්‍රීතිය තව තවත් වැඩි කරනවා. එ් ලස්සන අත්දැකීම අපට ද මේ චතාරික සමය තුළ අත්විඳිය හැක. එ් උන්වහන්සේගේ ආඥා වලට එකඟ වුවහොත් පමණි. පළමු කියවීම තුළ අපට පහදා දෙන පරිදි දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා පිළිපදින විට උන්වහන්සේගේ ප‍්‍රීතිය අපට ද හිමි වෙනවා.

අපට අසනීපයක් වූ විට නිතැතින්ම අප දිව යන්නේ වෛද්‍යවරයා  හමුවන්නයි. එ් අපට අවශ්‍ය සුවය ලබා ගැනීමටයි. නමුත් අද සුවිශේෂය තුළ විශේෂ සිදුවීමක් දක්නට ලැබෙනවා. එ් වෛද්‍යවරයා රෝගියාව බලන්න යාමයි. අපට ගැලවීම ලබා දුන්න වෛද්‍යවරයා අපව සොයාගෙන ගෙදරට එනවා. කෙනෙක් මට අසනීපයක් නැතැයි කියා ප‍්‍රකාශ කලොත් වෛද්‍යවරයා කිසිත් නොකර යන්නට යාවි. අසනීපය පිළිගත් විට වෛද්‍යවරයාට ප‍්‍රතිකාර කල හැක. මේ චතාරික දින 40 තුළ ගමනක් යන ඔබ හා මම අපගේ දුර්වලකම් පිළිගනිමු.  අපේ අඩුපාඩුකම් උන්වහන්සේට බාර කරමු. දිව්‍ය වෛද්‍යවරයාණන් අපේ අසනීප සුව කරාවි. එ් ප‍්‍රිතිය ලෙවී ලබා ගත්තාක් මෙන් අද දින අපද ලබා ගනිමු.

රුමේන් පෙරේරා සහෝදරතුමා
පළමු වන වසර දර්ශන පීඨය