Thursday, March 6, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 06 බ‍්‍රහස්පතින්දා



මාර්තු 06
බ‍්‍රහස්පතින්දා ද්විතීය නීති 30: 15-20
ශු.ලූක් 9: 22-25

මමත්වය නසා කිතු අනුගාමිකයන් වෙමු.

අද ඔබ මා ජීවත්වෙන්නේ අයුක්තිය අසාධාරණය රජයන සමාජයක යැයි කීවොත් මා නිවැරදි යැයි මට හැෙඟ්. මන්දයත් මනුෂ්‍යත්වයේ අගය පිරිහෙමින් පවතී. තවද අප සිතනුයේ අප ගැන පමණය.
‘‘කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම කොළොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි එ් වෙනුවට’’  යන ගීතය ඔබ අසා ඇති. අප දියුණුවෙනවාත් සමගම අප සතුව තිබූ සාරධර්ම, ආදරය, කරුණාව බෙදාගැනීම ආදී යහගුණ අප අතරින් ඉවත් වනුයේ අපට නොදැනීමය. මදකට සිතන්න, ඔබගේ ජීවිතයේ ඔබ කොපමණ අවුරුදු ගණනක් පාස්කුව සමරා ඇත්ද? ඔබගේ ජීවිතයේ සුළු හෝ වෙනස්කමක් නොවන්නේ නම් මේ පාස්කුව නිකම්ම නිකන් පාස්කුවක් වනු නොඅනුමානය. ස්වර්ගයෙන් බැස මිනිසුන් අතරට දෙවියන් වැඩිය බව ඔබත් මමත් ෙදාහොත් මුදුනින් පිළිගනිමු. එසේ වූයේ පරාර්ථකාමීත්වය මුල්කරගෙනය. තවද දේව මෑණියන් ‘‘ජේසුගේ මව’’ යැයි දැනගත් සැනින් එය යටහත් පහත් ලෙස පිළිගත්තාය. ‘‘මම දෙවියන්ගේ දාසිය වෙමි’’ එතුමිය මින් පසුව මුහුණුදීමට සිදුවන දුෂ්කරතා, බාධක , අභියෝග ගැන සිතුවේ නැත. එ් සියල්ල දේව කැමැත්තට බාරකළාය. අපගේ එදිනෙදා ජීවිතයේදිත් නමට කිතුනුවන් නොවී අන් අයගේ දුක, වේදනාව, කඳුල, හඳුනන කිතුනුවන් වීමට උත්සාහ කරමු. එමඟින් අප මේ ගමන්කරන්නාවූ තාවකාලික වන්දනා ගමන අරුත්බරව ගමන් කිරීමට අපට හැකිවනු නොඅනුමානය.

අමිල ප‍්‍රියදර්ශන සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය

-දෙනෙත පාස්කු කලාපය 2014 දර්ශන පීඨය ජාතික දෙව්සත්හල