Monday, March 31, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 01 අඟහරුවාදා



අපේ‍්‍රල් 01
අඟහරුවාදා
එසකියෙල් 47: 1-9, 12
ජුවාම් 5:1 -16

එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත

එදා ඡුුදා සමාජය තුළ නොයෙකුත් රෝග හා දුක් කරදර සැළකුවේ දේව දඬුවම් ලෙසයි. එබැවින් ඔවුන් එවැනි තත්ත්වයන්ගෙන් පීඩාවට පත් මිනිසුන්ව කොන්කොට සැළකුවා. අද සුපුවත තුළද කිසිවකුගේ පිළිසරණක්  නොලද  ‘‘ බෙත්සයිදා’’ පොකුණ අසල සිටි කොර රෝගියාව ජේසුස් වහන්සේ විසින් සුව කිරීමේ සිද්ධිය මඟින් පෙන්වන්නේ උන්වහන්සේ අසරණ වුවන් සොයා පැමිණි ගැළවුම්කාර දේවපුත‍්‍රයාණන් බවයි. එහිදී රෝගියා සම්පූර්ණයෙන්ම සුවය ලැබුවද ඔහු සුවය ලැබුවේ ජේසුස් වහන්සේගෙන් බව නොදත්  හෙයින් ඔහු යලිත් තමාගේ සුපුරුදු ජීවිතය ගතකරන්නට විය. එහෙත් පසුව ජේසුස් වහන්සේ  ඔහුව මුණගැසී  පවසනුයේ ‘‘මීට වඩා භයානක දෙයක් සිදුනොවන පිණිස තවත් පව් නොකරන්න’’ කියාය.  අද සමාජය තුළ නොයෙකුත් දුක් කරදර  හා රෝගී තත්ත්වයන්ගෙන් පීඩාවට පත් අපවද එ්වායින්  මුදාගන්නට කරුණාබර පියෙක් ලෙස ඉදිරිපත් වන උන්වහන්සේ අපව කැඳවන්නේ ද පව් බරින් තොර ජීවිතයකටයි. එදා කල්වාරියේ කුරුසිය මතදී අපේ සුදුසුකම දෙස නොබලා අපේ දුබලකම දෙස පමණක් බලා අපට ආදරෙයි කියා පෙන්වූ උන්වහන්සේ අපේ සියළුම පාපයන්ට සමාව දානය කලා. එහෙත් උන්වහන්සේගේ නොනිමෙන පේ‍්‍රමය නිසා  අද උන්වහන්සේ නැවත වරක් අපේ හිස් අතගා කියනුයේ  යලි මතු කවරදාවත් පව්කරන්නට එපා කියාය. එබැවින් මේ චතාරිකයේදීවත් මට උන්වහන්සේට සැනසීමක් අත්කර දිය හැකිද? එ් සඳහා අපගේ ජීවිත මුළුමනින්ම උන්වහන්සේට විවෘත කරමින් අපගේ ජීවිතයේ සාමය, සතුට, සුවය නිරන්තරයෙන් රැුකගෙන ජීවත් වන්නට ජේසුස් වහන්සේගේ වචන අපගේ දෛනික ජීවිතය තුළ ජීවත්කරවීමට අපි වෙර දරමු. 

ලසිත රවිෂාන් පෙරේරා සහෝදරතුමා නි.ම.නි 
පළමු වන වසර දර්ශණ පීඨය